රත්නපුර මහ නගර සභාවේ ගරු නගරාධිපති කපිල් අබේරත්න මැතිතුමා
kapil aberathna

වර්ෂ 1979 දි මුල්වරට රත්නපුර මහා නගර සභාවේ නාගරික මන්ත්රිධවරයෙකු ලෙස පත්වු මා 1983 වර්ෂයේදි නගරාධිපතිවරයා ලෙස පත්ව 1989 තෙක් කටයුතු කර පාර්ලිමේන්තු මන්ත්රිසවරයෙක් ලෙස එවකට පැවත් විපක්ෂයේ කටයුතු කරණ ලදි. නැවත වසර 18 කට පසු රත්නපුර නාගරික ජනතාවගේ බහුතර මනාපයෙන් නගරාධිපතිවරයා ලෙස පත්වු මා නිසි සංවර්ධන සැළසුමකින් තොරව පැවති රත්නපුර නගරය මාගේ ප්රේධානත්වයෙන් සියලු රාජ්ය ආයතන සම්බන්ධිකරණය කරමින් සාකච්චා පවත්වමින් නිසි සංවර්ධන මාවතකට අවතීර්ණ කරමින් ඇත.

පටු මාර්ග වලින් රථවාහන තදබදයන්ගෙන් යුතුව අවිධිමත් වෙළද කටයුතු පැවති නගරය විධිමත් කිරිම මා වැඩ ආරම්භකළ මුල්දින සිටම පටන්ගෙන ඇත. ප්රආධාන මාර්ග සියල්ලම පුළුල් කිරිම් ආරම්භකර ඇත. ව්යා පාර කටයුතු අඩාලව පැවති රත්නපුර මහා විථිය එම වෙළද ප්රයජාව සමග සාකච්ඡාකර පුළුල්කර අද දර්ශනිය විථියක් ලෙස සංවර්ධනය කරමින් ඇත. මෙහිදි කිසිදි වන්දි අයකිරිමකින් තොරව තම පෞද්ගලික ව්යා්පාරික ස්ථාන මාගේ ඉල්ලිම පරිදි තම වියදමින් කඩා ඉවත්කර ගත් එම වෙළද ප්රිජාවට මාගේ ස්තූතිය පළකිරිමටද මෙය අවස්ථාවක්කර ගනිමි. මෙම විථිය ආදර්ශමත් විථියක් ලෙස සියළු පහසුකම් සහිතව ඉදිකිරිම සදහා සියළු සැළසුම් මේ වනවිට සකස්කර අවසන්ය.

මෙහිදි මාර්ග සංවර්ධන අධිකාරියට, විදුළිබල මණ්ඩලයට, නාගරික සංවර්ධන අධිකාරියට, ජලසම්පාදන මණ්ඩලයට, හා ශ්රි ලංකා ටෙලිකොම් ආයතනයට මෙම කටයුතු සාර්ථක කර ගැනිම සදහා දක්වන ලද සහායට රත්නපුර ජනතාවගේ ස්තූතිය පළ කිරිමටද අවස්ථාවක් කරගනිමි.

එයට අමතරව
  • බඩුගබඩාපාර, බණ්ඩාරනායක මාවත, පල්ලිය පාර, වෙරලුප වෙළමැදපාර පුළුල් කිරිම්කර සංවර්ධන කටයුතු ආරම්භකර ඇත. කොට්ඨාශ මට්ටමින් සියළු පාරවල් පුළුල් කිරිමට කටයුතු කරමින් ඇත. බහුතරයක් මාර්ග කාපට් කිරිම සදහා ප්ර තිපාදන ලබාගැනිමට කටයුතු කර ඇත.
  • රත්නපුර නගරයට දෛනිකව පැමිනෙන ලක්ෂයකට අධික ජනතාවට අවශ්ය් වැසිකිළි කැසිකිළි පහසුකම් සපුරාලමින් මෙම සභාවේ මුදල් ප්රකතිපාදන යොදවමින් නව ඉදිකිරිම් 4 ක් කර ඇත.
  • රත්නපුර නගරයේ මෙතෙක් පැවති වාහන නැවතුම් ගැටලුවට පිළියම් යොදමින් මා විසින් වාහන නැවතුම් ස්ථාන 5 ක් ඉදිකර ඇත. වාහන නවතා තැබිම සදහා අංග සම්පුර්ණ පහසුකම් සහිත මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා අවශ්යද සැළසුම් මේ වනවිට සකස්කරමින් ඇත.
  • නගරයට විවිද කටයුතු සදහා පැමිනෙන ජනතාවට විවේකිව සිටිම සදහා උද්යානන දෙකක් ඉදිකිරිම සදහා මේ වනවිට අවශ්යු ඉඩම් ලබාගෙන සැළසුම් කටයුතු කර ඇත.
  • අංග සම්පුර්ණ ළමා උද්යාානයක් ඉදිකිරිම සදහා කටයුතු කරමින් ඇත.
  • රත්නපුර නගරයේ බස්රථ නැවැත්විම සදහා අක්කරයක ඉඩමක් ලබාගෙන එහි ඉදිකිරිම් කටයුතු කරමින් ඇත.

ව්යාතපාරික කටයුතු සදහා අවශ්යක ගොඩනැගිළි පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩසටහන යටතේ කුඩුගල් වත්ත වෙළද සංකීර්ණයේ ඉහල මහලේ ඉදිකිරිම් කටයුතු ආරම්භකර වැඩ අවසන් වෙමින් ඇත. මහජන පොළ තාවකාලික මඩු වලින් ඉවත්කර ඉදිකරණ ලද කාමර 180 කින්යුත් නව මහල් ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් ඇත. එහි පළමුමහල කඩකාමර 25 ක් සහ දෙවන මහල ඉදිකිරිම සදහා අවශ්ය ටෙන්ඩර් කටයුතු මේවනවිට කර ඇත. එම ස්ථානයේම බිමි මහලට යාබදව කඩ කාමර 21 ක් ඉදිකිරිම සදහා මේ වනවිට ටෙන්ඩර් කටයුතු සදහා යොමු කිරිමට කටයුතු කර ඇත. මැණික් ව්යා පාරයේ නිරතවන ව්යාටපාරික ප්ර ජාවගේ අවශ්ය.තාවයන් ඉටුකරමින් මහල් 3 කින් යුත් කඩ කාමර 30 ක පමණ ගොඩනැගිල්ලක් ඉදිකිරිම් මේ වනවිට ආරම්භකර ඇත. දෙමුවාවත මැණික් ව්යා පාරික විදියක් ලෙස වැඩිදියුණු කිරිම සදහා කටයුතු කරමින් ඇත.

සිවලි ක්රිපඩා පිටිය සහා මුද්දුව ක්රියඩා පිටිය රාත්රිාකාලවලදිද ජනතාවට පැමිණිමට හැකි ලෙස ආලෝකමත්කර වැඩි දියුණුකර ඇත. නගරයේ සියළු විථි හා කොට්ඨාශ මාර්ග ආලෝකමත්කර ඇත. නව තෙමහල් ගබඩා සංකිර්ණයක් ඉදිකර ඇත. පෞරානිකත්වය ආරක්ෂා කරමින් නගරයේ ප්රිධාන පුස්ථකාලය නවිකරණය කරණ ලදි. සංචාරක ව්යා පාරය අරමුණුකරගෙන කටුගස් ඇල්ල සහ රජනාව දිය ඇළි පලාත් සභාව සමග එක්ව අංගසම්පුර්ණ පහසුකම් සහිතව වැඩි දියුණු කිරිමට කටයුතු කරමින් ඇත.

පොම්පකැළය රක්ෂිතයතුළ පවතින ස්වභාවික තටාකය වැඩි දියුණු කිරිමටත් රක්ෂිතය නරඹන්නන්ගේ පහසුකම් වැඩි දියුණු කිරිමටත් කටයුතු කරමින් ඇත. දෛනිකව එකතු වන කසළ ටොන් 35 ප්රඇතිචක්රිතය කිරිම සහ කොම්පොස්ට් කිරිම සදහා නව මධ්යකස්ථානයක් ඉදිකර ඇත. වසර ගනනාවක සිට පුරප්පාඩුව පැවති තනතුරු 100 කට අධික සංඛ්යායවක් සදහා ස්තීර පත්විම් ලබාදිමට කටයුතු කරණ ලදි. වසර ගනනාවකින් යාවත්කාලින නොවු මෙම සභාවේ සේවක තනතුරු වැඩිකර ගැනිමට කටයුතු කරණලදි. කාළින අවශ්‍යතාවයන් වු නිති අංශයක්, නිති නිළධාරිනියක්, සමික්ෂන අංශයක්, ඉඩම් අංශයක්,ජල අංශයක්, වැටලිම් අංශයක් ආරම්භකරණ ලදි. නව රැකියා අවස්ථා 300 කට අධික සංඛ්යාිවක් ලබාදි ඇත. රාජකාරි කටයුතු පහසු කිරිම සදහා සියළුම නිළධාරින් සදහා පරිඝණක ලබාදිමට කටයුතු කර ඇත. මා නගරාධිපතිවරයා වශයෙන් පත්වු පසු අත්යානවශ්යද වාහන 12 ක් පමණ මිලදිගෙන ඇත. ක්ෂේත්රධ නිළධාරින් සදහා යතුරු පැදි ලබාදි ඇත.

නගරයේ ආර්ථික අපහසුතා ඇති පවුල් වල දුවා දරුවන්ට මෙම සභාවේ ළදරු පාසැල්වල නොමිලේ අධ්යේන කටයුතු කිරිම සදහා ශිෂ්ය ත්ව ක්රභමයක් හදුන්වාදි ඇත. නගරයේ පාසැල් දරුවන්ගේ දැණුම වර්ධනය කිරිම සදහා තරගකාරි වැඩසටහන් ආරම්භකර ඇත. සියලු කොට්ඨාශ ආවරණය වන පරිදි ළමා හා මාත්රාි සායන ආරම්භකර ඇත.

නාගරික කොට්ඨාශ 15 ක 53000 කට අධික ජනතාවගේ හා නගරයට පැමිනෙන නගරය හරහා ගමන් ගන්නා ලක්ෂ සංඛ්යාණත ජනතාවකට නගරයෙන් වියයුතු අවශ්යගතාවන් ඉටුකරමින් ශ්රිාලංකාවේ ආශ්චර්යමත් නගරය ලෙස රත්නපුර නගරය පත්කිරිමට මා උපරිම උත්සාහය කැපකිරිම කරන අතර ජත්යරන්තරය හා මේ මිණිපුරය සම්බන්ද කිරිම සදහා මේ වනවිට විවිද රටවල නගර කිපයක් සමගම සුහදතාවයන් වර්ධනයකරගනිමින් සිටි.

මා රත්නපුර නගරයේ නගරාධිපතිවරයා ලෙස පත්කර මාගෙන් බලාපොරොත්තුවු සේවය උපරිම ආකාරයෙන් ඔබ වෙත ලබාදිමට මම ඇපකැපවි කටයුතු කරණ බව නැවත ප්ර කාශ කරමි

ස්තූතියි

නිතිඥ කපිල් අබේරත්න
නගරාධිපති
මහා නගර සභාව
රත්නපුර