පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

රත්නපුර මහා නගර සභාව යටතේ ක්‍රියාත්මක මහජන පුස්තකාලය යළිත් රන් සම්මානයෙන් පිදුම් ලබයි

රත්නපුර මහා නගර සභාව යටතේ ක්‍රියාත්මක මහජන පුස්තකාලය යළිත් රන් සම්මානයෙන් පිදුම් ලබයි

2025 ජාතික කියවීමේ මාසයේ සම්මාන උළෙල 2025.11.20 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඵලදායී කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ පාසල් පුස්තකාල 52 කට සම්මාන ප්‍රදානය කරන ලද අතර, නගර සභා පුස්තකාල කාණ්ඩය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය රත්නපුර මහජන පුස්තකාලය දිනා ගත්තේය.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙලට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ සේනානි බණ්ඩාර සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉරෝමි විජේසුන්දර යන මහත්වරු සහභාගී වූහ.

November 24, 2025